ඔබේ වෙබ් අඩවිය ඔබේ ව්‍යාපාරයේ ඉදිරිපස දොරටුවයි, විශේෂයෙන් වෙබ් අඩවිය හරහා විකුණුම් සහ සේවා සැපයීම් රදාපවතී නම්, එය උසස් තත්ත්වයේ වෙබ් අඩවියක් විය යුතුය. අනෙක් අයගෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා සරල, එහෙත් අද්විතීය වෙබ් අඩවියක් තිබීම අද වැනි තරඟකාරී ලෝකයක් තුළ අනිවාර්යයෙන් සලකා බැලිය යුතු දෙයකි.
වෙබ් අඩවියක් තත්ත්වයෙන් උසස් වන්නේ කොහොමද?
- හොඳින් සැලසුම් කර සකසා ඇත, features හොදින් ක්‍රියාත්මක වේ
- භාවිතා කිරීමේ පහසුව
- ඕනෑම උපාංගයකට අනුවර්තනය වීමේ හැකිවීම (Optimization)
- අළුත්, ඉහළ ගුණාත්මක අන්තර්ගත කරණු (content)
- පහසුවෙන් සොයාගැනීමට හැකි ලෙස ව්‍යාපාරය හා සම්බන්ධ වන සහ ස්ථාන තොරතුරු තැබීම
- පැහැදිලි calls to action (CTA)
- සෙවුම් යන්ත්‍ර (Search Engines) සහ සමාජ වෙබ් අඩවි සඳහා ප්‍රශස්තිකරණය කර ඇත
- යම් සබැදියක් ක්ලික් කිරීමෙන් ලැබෙන පාරිශීලිකයන්ගේ සීග්‍රතාවය ( CTR = Click-through rate) වැඩි කිරීම සඳහා මාතෘකා සහ විස්තර හොඳින් සකසා ගන්න.
- වෙබ් අඩවියේ අන්තර් සැකැස්ම පිලිවෙලට තබා ගන්න.
- පාරිශීලිකයන්ගේ ක්‍රියාකාරීත්වය අඩු පිටු අන්තර් සබැදි (internal links) මඟින් සම්බන්ද කරන්න.
- පුද්ගලයින් එදිනෙදා භාවිතයේදී සෙවීමට යොදාගන්නා වචන පෙළගැස්වීමෙන් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතය ප්‍රශස්ත කරන්න.
- අන්තර්ගතයේ සහ සබැඳිවල සුදුසු වචන භාවිතා කරන්න.
ඔබේ වෙබ් අඩවිය ඔබේ සමාගම, ඔබේ නිෂ්පාදන, සේවා සහ ඔබේ වෙළඳ නාමය පිළිබිඹු කරයි. ඔබේ වෙබ් අඩවි නිර්මාණය, හැඟීම, ප්‍රවේශ වීමේ වේගය සහ අන්තර් සැකැස්ම මේ සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුය. එබැවින් එය දෘශ්‍යමයව මනා පෙනුමක් සහ වෘත්තීයමය පෙනුමක් සහිත විය යුතුය. හොඳ පෙනුමක් ඇති වෙබ් අඩවියක් ඔබේ වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීමට සහ ඔබේ ව්‍යාපාරය පිළිබඳ ඔබේ වෙබ් අඩවි නරඹන්නන්ගේ විශ්වාසය වැඩි කිරීමට සහ ඔබේ ව්‍යාපාරයෙහි උචිතවත් හැඟවීමට උපකාරී වේ.
අපි මෙය පැහැදිලි උදාහරණයකින් සාකච්ඡා කරමු, ඔබ සාප්පුවකට පිවිසෙනවයි කියලා අපි සිතමු, එය ඉතා අපිලිවෙළ, ඇසට වේදනාකාරී ලෙස පෙනේ නම්, ඒ පිළිබඳ ඔබේ පළමු ආකල්පය (first impression) කුමක් විය හැකිද? "මේ කඩේ නම් එච්චර හොඳ නෑ වගේ". පොතක් එහි කවරයෙන් විනිශ්චය කිරීම හොඳ නැතත්, එය ඔබේ ව්‍යාපාර වෙබ් අඩවියට පැමිණෙන විට නම් විනිශ්චය පෙනුමෙන්මය. "සිත්ගන්නා සුළු පෙනුමක් සහිත වෙබ් අඩවියක්", මේ සඳහා අපට කල යුතු දේවල් බොහොමයක් ඇත.
ඔබේ වෙබ් අඩවියට හුස්ම ගැනීමට ඉඩ දෙන්න, සුදු අවකාශයන් (white spaces) හැකිතාක් රදාපවත්වා ගන්න, ගුණාත්මක ඡායාරූප සහ ග්‍රැෆික්ස් භාවිතා කරන්න, සහ ඔබ දෙන පණිවිඩය පැහැදිලිව ස්ථානගත කරන්න.
ඉස්තරම් වෙබ් අඩවියකට ඉස්තරම් ලොගෝවක් (Logo) අවශ්‍යයි, ඉස්තරම් ලෝගෝවකට ඉස්තරම් වෙබ් අඩවියක් අවශ්‍යයි.
ඔබේ ලෝගෝව (Logo)හඳුනා ගැනීමට පහසු, සරල නමුත් ව්‍යාපාරයට උචිත ලෙස සකසා ගන්න. පවතින ලෝගෝව ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය හා අභිවෘද්ධිය ප්‍රවර්ධනය කරන්නේ නැති නම්, ඔබේ වෙළඳනාමයේ අනන්‍යතාවය වැඩිදියුණු වන අයුරින් ප්‍රතිනිර්මාණය (redesign) කරගන්න.
ඔබට සේවාව සපයන web designer හෝ developer ඔබගේ පාරිශීලිකයන්ට අවශ්‍යවන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීමට සමතුන් නම්, සහ ඔබගේ ව්‍යාපාරයේ දියුණුව පිළිබඳව තකන්නේ නම්, මෙකී දේවල් හඳුනා ගැනීමට ඔවුන් ඔබට සහයෝගය දීමට දායක වේ.
ඒ හා සමානව වැදගත්, වෙබ් අඩවිය අපේක්ෂා කළ පරිදි ඉක්මනින්, නිවැරදිව ක්‍රියාත්මක විය යුතුය. වෙබ් අඩවිය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ට අනුකූලව සකසාගන්න, නිතර නිතර වෙබ් අඩවියේ වේගවත් බව සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ හොදින් පරීක්ෂා කරන්න. සෑම වෙබ් පිටුවක්ම හොදින් වේගවත්ව ක්‍රියාකල යුතුයි, නැතිනම් එය ඔබගේ භාණ්ඩ/සේව ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නගේ පළමු සංකල්පනාවට/ආකල්පයට (first impression) හානිවීම සහ ඔවුන්ගේ අප්‍රසාදයට ලක්වනු ඇත. සෙමින් ක්‍රියාකරන, මැනවින් සකස් නොකරන ලඳ වෙබ් අඩවි පාරිශීලිකයන්ව කලකිරීමට ලක්කර ඔවුන්ව වෙබ් අඩවියෙන් ඉවතට යාමට මඟ පහදා දෙයි.
ඔබේ පාරිශීලිකයාගේ පළමු සංකල්පනාව, හොඳින් සැලසුම් කරන ලද හා මැනවින් ක්‍රියාකරී වෙබ් අඩවියක්. ඒ ගැන වඩාත් සැලකිලිමත් වන්න!
ඔබේ වෙබ් අඩවියට පැමිණෙන්නන් සෑම විටම කඩිමුඩියේ සිටින්නන්ය. තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ට අරගල කිරීමට ඉඩ නොතබන්න. ඔබේ වෙබ් අඩවිය භාවිතා කිරීමට, තේරුම් ගැනීමට සහ රැඳී සිටීමට පරිශීලක අත්දැකීම් (UX = User Experience) වැදගත් වන්නේ මෙහිදීයි. පැහැදිලි සහ පහසු ආකාරයෙන් වෙබ් අඩවියේ කරුණු සොයාගැනීමට සහ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට වෙබ් අඩවිය පුරාවටම පහසුව සැලසිම ඉතාම වැදගත්.
ඔබේ වෙබ් අඩවිය, නිශ්චිත යමක් සෙවීමට සැකසුනු "Search Engines" , සහ වෙබ් අඩවි සෙවීමට පමණක් භාවිතා වන "Browsers" යන දෙකහිම නියමයන් සම්පූර්ණ කල යුතුය. පාරිශීලිකයන්ට පහසුවෙන් කරණු සොයාගැනීමට ඉඩසැලසීම සඳහා වෙබ් අඩවියේ කරුණු සෙවුම් කිරීමේ හැකියාව (Search) සහ අදාල කරණු ඇඟවීම (Suggesting related content) මෙහෙදී වැදගත්.
ඕනෑම උපාංගයක දර්ශන තලයට අනුවර්තනය වීමේ හැකියාව සහිත වෙබ් අඩවි නිර්මාණකරණය, (Responsive web design) ලෙස හැදින්වේ. පාරිශීලිකයන් ඔවුන්ගේ කුමන උපාංගයක් මඟින් ඔබගේ වෙබ් අඩවියට ඇතුළු වූවත් එය පහසුවෙන් භාවිතා කිරීමට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
ජංගම සහ ටැබ්ලට් උපාංගවල වර්ධනයත් සමඟ ඔබගේ ඊළඟ භාවිතා කරන උපාංගය කුමක් දැයි ඔබට කිව නොහැක. මේ නිසා ඔබේ වෙබ් අඩවිය විශිෂ්ට පෙනුමක් උවමනා අතර ඕනෑම උපාංගයක් මත හොඳින් ක්‍රියා කළ යුතුය, අද වන විට මෙයට නිදහසට කරුණක් කිව නොහැක. ජංගම උපාංග සඳහා සංස්කරණය කිරීමෙන් ඔබේ නරඹන්නන්ගේ User experience (UX) සහ ඔබේ SEO ශ්‍රේණිගත කිරීම වැඩිදියුණු වේ.
ඔබේ පාරිශීලිකයන් ඔබේ වෙබ් අඩවියට පැමිනෙන්නේ යම් කටයුත්තක් හෝ අරමුණක් මනසේ තබාගෙන. සෑම ප්‍රවේශයකදීම, අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ වටිනාකම, පැමිණෙන්නා රැඳී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකිය.
සංක්ෂිප්ත, සිත්ගන්නාසුළු භාෂාවකින් සහ නවතම තොරතුරු වලින් වෙබ් අඩවිය යාවත්කාලීන කරන්න.ආයතනිකව භාවිතාවන සංකීර්ණ වචන භාවිතය අවම කරන්න, එමඟින් ඔවුන් නැවත පැමිණීමට ඇති නැඹුරුතාවය වැඩි කරවයි, සහ මනා ලෙස SEO ප්‍රතිඵල ලගා ගැනීම සඳහා උපකාරී වේ. (අපි තවත් පරිච්ඡේදයකින් SEO ගැන විස්තරාත්මකව සාකච්ඡා කරමු)
පාරිශීලිකයන්ට ඔබ සමඟ සම්බන්ද වීමේ පහසුකම විධි කිහිපයකින් සපයන්න, දුරකථන අංක, Email, සමාජ මාද්‍ය සහ පහසුවෙන් පිරවිය හැකි පෝරමයක් (Contact Form), සහ අමතරව Google Maps හි ඔබගේ ව්‍යාපාර ස්ථානය සලකුණු කිරීම ප්‍රසාද ලකුණකි. මෙකී තොරතුරු කෙනෙකුට පහසුවෙන් සොයාගැනීමට පහසුකම සැලසීම මෙහි වැදගත්ම කාරණයයි. Contact Page එකක් තුල හෝ නිතර දක්නට ලැබෙන Footer එක තුල මෙම තොරතුරු පෙන්වා තැබීම මෙහෙදී අනුගමනය කල හැක.
ඔබේ වෙබ් අඩවියට අරමුණක් ඇත, සහ ඉටුකර ගත් යුතු කාරණා ඇත, ඒවායින් එකක් පාරිශීලිකයන් සමඟ සම්බන්ධ වීමයි. ඔබේ වෙබ් අඩවිය පාරිශීලිකයන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටින්නේ නම්, ඔවුන් නිසැකවම කිසිවක් නොකරනු ඇත. ඔබ ඔවුන්ගෙන් කිසිවක් විමසන්නේ නැත්නම් ඔවුන්ට ඔබෙන් කිසිවක් විමසීමට ඉඩ නොදෙන්නේ නම්, ඔබේ වෙබ් අඩවියේ අරමුණ කුමක්ද? එම අරමුණ අමුත්තන්ට පැහැදිලි ද? තොරතුරු සපයන වෙබ් අඩවි වලට පවා අමුත්තන්ට ලිපි කියවීමට හා බෙදා ගැනීමට, සමාජ මාධ්‍යවල සමාගම follow කිරීමට, මෙවලම් කට්ටල බාගත කිරීමට, ඊමේල් ලැයිස්තු (mailing list) වලට සම්බන්ධ වීමට හෝ සංවිධානය ගැන වැඩිදුර දැන ගැනීමට අවශ්‍ය වේ. සෑම වෙබ් පිටුවකම එක් ප්‍රශ්නයක් හෝ ඇතුළත් කිරීමට වග බලාගන්න.
CTA තේරුම් ගැනීමට පහසු විය යුතුය. ඊළඟට කුමක් කළ යුතුද යන්න ගැන පාරිශීලිකයන් කිසි විටෙකත් සිතීමට ඉඩ නොතැබිය යුතුය. CTA පිටුවේ කැපී සිටීමට පෙනීමට ඉඩ හරින්න.
භාවිතයට පහසු, අද්විතීය පෙනුමක් ඇති වෙබ් අඩවියක් තැනීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. එයට නව පාරිශීලිකයන් ඈදා ගත යුතුය. එසේ නොමැති නම්, සැලසුම්, යූඑක්ස් සහ ගොඩනැගීමට යෙදවූ සියලු උත්සාහයන් නිෂ්ඵල වනු ඇත. මේ නිසාම පරිවර්තන (conversions) සහ (SEO) හා සැසදීමට වෙබ් අඩවිය ප්‍රශස්තිකරණය කිරීම සම්බන්ධව ඔබ ඉගෙන ගත යුතු කරුණු කිහිපයක් ඇත.
SEO සහ වෙබ් අඩවිය හොදින් ප්‍රශස්ත කිරීම සඳහා භාවිතා කළ යුතු ශිල්පක්‍රම කිහිපයක් අපි ඉදිරි ලිපියකින් විස්තරාත්මකව සාකච්ඡා කරමු.